Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Poster

Movie Info

Rating: 7.0/10

Director: Jeff Fowler

Stars: Jim Carrey, Ben Schwartz, Keanu Reeves

Writers: Pat Casey, Josh Miller, John Whittington

Release Date: 2024

Runtime: 1h 50m

Language: English

Watch Trailer

Synopsis

2001දී නිකුත් උන Sonic Adventure 2 කියන ෆ්ලැට් ෆෝම් ගේම් එක ඔස්සේ තමයි අපිට පළමුවෙන්ම ෂැඩෝ කියන චරිතය හම්බෙන්නේ. මේ චරිතය නිර්මාණය කරන්නේ Takashi Iizuka සහ Shiro Maekawa විසින්. ෂැඩෝ කියන්නේ සොනික්ගේ ලෝකයේ ඉන්න Mobian කියන සාමාජික වර්ගයට අයත් ඉත්තෑවෙක්.
මෙයාලා ඉන්න ග්‍රහලෝකයෙදි මේ වර්ගය ගොඩබිම, ජලයේ, විවිධ දූපත් වල සහ රාජධානිවල එක එක විදියට ජීවත් වෙනවා. ඒත් කොහොමින් හරි රොබෝ ටික්කාගෙ ආධිපත්‍යය හැමතැනම ව්‍යාප්ත වෙද්දි මේ හැම මෝබියන් කෙනෙක්ම තර්ජනයට ලක්වුනා. සමහර mobiansලා තමන්ගෙ කැමත්තෙන් රොබෝටික්කගේ වහල්ලුන් බවට පත්වුනා. නමුත් සමහර මෝබියන්ලා කැරලි එහෙමත් ගැහුවා.

රොබෝටික්කගේ සීයා වෙන මහාචාර්ය ජෙරාල්ඩ් රොබෝට්නික් තමයි ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ශැඩෝව නිර්මාණය කරන්නේ. ඇත්තටම ශැඩෝව නිර්මාණය වෙන්නේ මහාචාර්ය ජෙරාඩ්ගේ මිනිබිරිය වෙන මරියාව මාරාන්තික රෝගයකින් බේරගන්න බෙහෙතක් නිෂ්පාදනය කරන්න අත්හදා බලපු Project Shadow කියන වැඩසටහනේ ප්‍රතිපලයක් විදියටයි. ජෙරාඩ් මේ අත්හදා බැලීම කරන්නේ Black Arms කියල හඳුන්වන ජීවින්ව පාලනය කරපු Black Doom කියන නායකයගෙ DNA අරගෙනයි. මේ Black Arms කියන්නේ හරිම ප්‍රචන්ඩකාරි නපුරු අදහස් තියෙන කොටසක්. ඉතිං එයාලගේ කොටසක් විදියට නිර්මාණය වෙන ෂැඩොත් ප්‍රචණ්ඩ වෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ.
මේ අස්සේ මාරියාගේ ජිවීතය බේරගන්න නිර්මාණය උන ෂැඩෝ සහ මාරියා අතර පොඩි මෙව්වා එකකුත් ඇති වෙනවා. ෂැඩෝගේ ප්‍රචණ්ඩ බව නිසා එයාව තර්ජනයක් කියලා සලකන Guardian Units of Nations නොහොත් G.U.N සංවිධානය මරියා සහ ෂැඩෝ ඉන්න අභ්‍යාවකාශ ජනපදය වැටලීමක් සිදු කරනවා. ඒ වෙලාවෙදි මරියා කොහොමහරි ගලවාගැනීමේ යානයක දාලා ෂැඩෝව පෘතුවියට එවනවා වගේම ඒ වෙලාවෙදි මරියට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවෙන විදියත් ශැඩෝ දකිනවා. මරියගේ මරණයෙන් කම්පනය වෙලා ඉන්න ෂැඩෝව හොයාගන්න G.U.N සංවිධානය සජීවිකරණය කරලා ජපානයේ ටෝකියෝ මුහුදු බොක්කේ තියෙන G.U.Nලගේ බන්ධනාගාර දූපතේ ද්‍රාවණ කුටියක රඳවලා තියාගෙන ඉන්නවා. ඊට අවුරුදු 50කට පස්සේ මහාචාර්ය ජෙරාල්ඩ්ගේ මුනුපුරා වෙන අයිවෝ රොබෝට්නික් හෙවත් රොබෝටික්කා ඇවිත් ශැඩෝව නිදහස් කරන තෙක්ම ශැඩෝ හිටියේ මේ සජීවිකරණ කුටියේ තමයි.

ෂැඩෝගේ බලයන් ගැන අපි බැලුවොත් මෙයා ඇත්තටම සොනික්ට වඩා වැඩ්ඩෙක්. ශැඩෝ දාගෙන ඉන්න රොකට් ස්කේට් කියල හඳුන්වන සපත්තු දෙක නිසා මෙයාට සොනික්ටත් වඩා වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ජෙට් එක වගේ එහා මෙහා යන්නත්, උඩ ඉන්නත් ශැඩෝට පුළුවන්. ඔයාලට ෆිල්ම් එකේදී ශැඩෝගේ තව වැඩ කිඩ බොහෝමයක් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ශැඩෝගේ අත් දෙක දිහා බැලුවම ඔයාලට පෙනෙයි මෙයා වළලු 4ක් දාගෙන ඉන්නවා. මේ වළලු ගැලෙව්වොත් මෙයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම මෙයාව කාටවත් නවත්තන්න බැරි වෙනවා. ශැඩෝගේ ඒ සුපිරි බලය සීමා කරගන්න තමයි මෙයා ඒ වළලු පාවිච්චි කරන්නෙ. ෂැඩෝට පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා එක එක විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න. මේ ලිපිය ලියන වෙලාවේ මම තාම ෆිල්ම් එක බලලා නැති නිසා මෙයාගේ හැම ට්‍රාන්ස්ෆෝම් එකක්ම පෙන්නනවද නැද්ද කියලා දන්නේ නෑ. ඒ වගේම ශැඩෝ ටෙලිපෝර්ට් වෙන බලය ලබාගන්නෙත් එයාගේ ට්‍රාන්ස්ෆෝම් වලින් එකක් වෙන Chaos Shadow කියන බලය නිසයි. ඊට අමතරව Super Shadow, Hero Shadow, Dark Shadow කියලා වෙනස් විදියේ ට්‍රාන්ස්ෆෝම් බලයනුත් මෙයාට තියෙනවා.

කලින් චිත්‍රපට දෙක වගේම මේකත් අධ්‍යක්ෂනය කරන්නේ Jeff Fowler විසින්. ප්‍රේක්ෂක ප්‍රසාදය නොමඳව හිමි කරගත්ත සොනික් 3 මේ වෙද්දි 7.2ක IMDb අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයකුත් වගේම 94%ක දැවැන්ත ගූගල් මනාපත් හිමිකරගන්න සමත් වෙලා තියෙනවා. පසුගිය දෙසැම්බර් 20 ප්‍රදර්ශනය ඇරඹූ Sonic The Hedgehog 3 බොක්ස් රජ ගමනක යෙදෙමින් මේ වනවිට ඩොලර් මිලියන 336ක ආදායමක් ලබාගෙන චිත්‍රපට මාලාවේ දෙවන වැඩිම ආදායම සනිටුහන් කර තිබෙනවා.

සොනික් සහ යාළුවෝ සෙට් එකට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද කියලා අපි බලමු. සොනික් සහ ෂැඩෝ අතර සුපිරි ගැටුමක් අපිට මේ චිත්‍රපටයෙදි බලාගන්න පුළුවන් කියන එකනම් මම ඔයාලට සහතික වෙනවා.

Movie Poster 2 Movie Poster 3 Movie Poster 2 Movie Poster 3 Movie Poster 2 Movie Poster 3 Movie Poster 2 Movie Poster 3

Google Drive Download Links

Telegram Download Links


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Top Cast

Actor 1 Name
Jim Carrey

Ivo Robotnik

Actor 2 Name
Ben Schwartz

Sonic Voice

Actor 2 Name
Keanu Reeves

Shadow Voice

Actor 2 Name
Idris Elba

Knuckles Voice

Actor 2 Name
Tika Sumpter

Maddie

Actor 2 Name
Lee Majdoub

Agent Stone

Actor 2 Name
Krysten Ritter

Director Rockwell

Actor 2 Name
Adam Pally

Wade

Actor 2 Name
Shemar Moore

Randall

Actor 2 Name
Alyla Browne

Maria

Actor 2 Name
Tom Butler

Commander Walters

Actor 2 Name
Jorma Taccone

Kyle Lancebottom

Actor 2 Name
Sofia Pernas

Gabriella

Actor 2 Name
James Wolk

Young Walters