iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Movie Info
Rating: 5.4/10
Director: Puri Jagannadh, A.R. Sreedhar
Stars: Puri Jagannadh, A.R. Sreedhar, Kiran Thatavarthi
Writers: Puri Jagannadh, A.R. Sreedhar, Kiran Thatavarthi
Release Date: 2019
Runtime: 2h 20m
Language: Hindi
Watch TrailerSynopsis
වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුවත් නෙමෙයි, පූරි ජගන්නාද් මහත්තයා. තෙලුගු සිනමාවට ආදරේ කරන අය නම් පූරි සර් කිව්ව ගමන් අඳුනනවා ඇති.
ඉතිං ඔය ලිස්ට් එකට පහුගිය දවසක තවත් නළුවෙක් සහ චිත්‍රපටයක් එක්වුණා. ඒ රාම් පොතිනේනිගේ ඉස්මාර්ට් ශංකර් චිත්‍රපටය. රාම් ගැන කියනවනම් ප්‍රවීන චිත්‍රපට නිශ්පාදක Sravanthi Ravi Kishore ගේ බෑණනුවන් වන රාම් තෙලුගු සිනමාවට පිවිසෙන්නේ දේවදාසු චිත්‍රපටයෙන්.
Devadasu චිත්‍රපටයෙන් 2006 දී සිනමාවට පා තැබූ ඔහු එහිදී ඉහල සාර්ථකත්වයක් ලබාගන්නට සමත් වන අතර ලංකාවේ ඔබ අපට ඔහුව මතක හිටින්නේ Endukante… Premanta! චිත්‍රපටයෙන් පසුවයි.
එදා සිට අද දක්වා ඔහු Ongole Githa , Nenu Sailaja, Vunnadhi Okate Zindagi, Hello Guru Prema Kosame වැනි චිත්‍රපට වලින් අප හමුවට පැමිණි අතර ඔහුගේ සිනමා දිවිය දෙස බැලුකල ඔබට පෙනේවි ඔහු මෙතෙක් කල් රඟපෑ චරිත සියල්ල රෝමෑන්ස් පැත්තට බර චොක්ලට් චරිත සෙට් එක්ක අනන්‍යතාවක් හදාගත්තු නළුවෙක් වගේ. (හැම එකම එහෙමයි කියල කියන්නේ නැහැ.).
එහෙම රටාවක් හදාගෙන ආපු රාම්ට පූරි ජගන්නාද් මහත්තයා හම්බවෙනවා. 2015 ටෙම්පර් චිත්‍රපටයෙන් පසු හරිහැටි වික්‍රමයක් පාන්න බැරිව පිපාසයෙන් හිටපු පූරි අමුතුම කතාවක අමුතුම ස්ක්‍රිප්ට් එකක් සමගින් රාම්ව තෝරගන්නේ ඔහු මෙතෙක් නොසිතු විරු චරිතයකට පණ පොවන්නටයි.
සම්ප්‍රදායික රටාවෙන් බැහැර වෙලා චොක්ලට් චරිතයෙන් එලියට ඇවිල්ලා වෙනස්ම ඩයලොග් ඩිලිවරි එකක් සමග ස්ට්‍රොන්ග් කැරැක්ටර් එකක් වන ඉස්මාට් ශංකර් චරිතයට පණ පොවන්නට රාම්ද එකඟ වනු ලබනවා.
කතාව ගැන සුළුවට කියනවනම් ශංකර් කියන්නේ කොන්ත්‍රාත් මිණිමරුවෙක්. ඉතිං ඔහු හිරෙන් පනින සීන් එකකින් තමයි චිත්‍රපටය පටන් ගන්නේ. එයාගේ නඩුව ගැන බලන්නේ අරුන් කියල පොලිස් නිලධාරියෙක්. එයාත් ශංකර් පසුපස හඹා යනවා. නමුත් ශංකර්ව ඒ වෙලාවේ අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. හිරෙන් පැනල ගිය ශංකර් නැවතත් තමන්ගේ මුදලට මිනීමරන රස්සාව පටන් ගන්නවා. නමුත් එක මිනිමරුවක් ඔහුගේ ජීවිතය කණපිට පෙරලනවා. ඉතිරිය ඉතිං ඔබට බාරයි. අනිවාර්යයෙන්ම කියන්න ඕන මේක ක්‍රියාදාම සහිත විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටයක් විද්‍යාත්මක පසුබිම මං ගැන ඔබට චිත්‍රපටය පටන්ගන්නවාත් එක්කම පැහැදිලි වේවි. මාස් පැත්තෙන් මාස්ද, මියුසික් පැත්තෙන් මියුසික්ද, ස්ටෝරි පැත්තෙන් ස්ටෝරියද ලුණු ඇඹුල් ඇතිව බලාගන්න පුළුවන් පහුගිය දවස් වල පැමිණි තෙලුගු සිනමා රටාවෙන් බැහැරව ටිපිකල් පූරි ස්ටයිල් එකේ චිත්‍රපටයක් ඔබට ඉස්මාර්ට් ශංකර් වෙතින් දැක බලාගන්න පුළුවන් වේවි. වෙනස්ම විදිහක ජවසම්පන්න ඩයලොග් ඩිලිවරි ස්ටයිල් එකක් සමග නැවත පිබිදී රාම්ගේ රංගන විලාසය චිත්‍රපටයට ලොකු ජවයක් එක් කරාවි. චිත්‍රපටය පුරාවට ඔහුගේ ජවය එක ලෙස පවත්වාගෙන යන අතර ඔහුගේ Energetic Star Ram නාමය මෙහිදීද එලෙසම තහවරු කර සිටිනවා.
Google Drive Download Links
Telegram Download Links
Direct Download Links
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Top Cast
Shankar
Arun
Chandni
Dr. Sarah
Chief Minister Kashi Viswanath
Ramamoorthy, Central Minister
Chandrakanth, CBI Officer
Kaaka
Devendra Viswanath
Harry
Civil Engineer(as Kalyan Vasanth)
Chavan
Shankar's friend
Cameo appearance
in a festival song in 'Bonalu' Song
Self in the song 'iSmart Theme'
Goon #4(credit only)